Palitha's BLOG

RECENT POSTS


මෙම Page ය තුල සමහර කරුණු සහ වීඩීයෝ මා අන්තර්ජාලය තුලින් තෝරා ලබා ගත් අතර එම ලිපි සහ වීඩීයෝ අයිති සැමටම මගේ ප්‍රණාමය හිමිවේ. කාලීන අදට ගැලපෙන මාතෘකා පිළිබඳ තොරතුරු අන්තර්ජාලයෙන් සොයා ඔබට ලබා දීම මගේ අරමුණයි.

Internet of Things හෙවත් IoT කියන්නේ මොකක්ද?




මිනිසුන්ට පමණක් සීමා වූ නූතන අන්තර්ජාලයේ මීළඟ පිම්ම බවට පත්වන, උපකරණවල අන්තර්ජාල ප්‍රවේශය හරහා මානව කටයුතු පහසු කරගැනීම ගැන පුළුල් පරාසයක වාසි ගෙන එන අනාගතයේ තාක්ෂණයක් IoT යි මේ වන විටත් ලොව වටා බිලියන 23.14ක් IoT උපාංග සබැඳී තිබෙනවා.

අන්තර්ජාලයට මිනිස්සු වෙනුවට උපාංග

අද අපි පාවිච්චි කරන අන්තර්ජාලය ගොඩනැගී තිබෙන්නේ මිනිස්සුන් විසින් දෙන ලද ඉල්ලුමකට සර්වර් විසින් ප්‍රතිචාර දැක්වීමක්. අපි ෆේස්බුක් වෙත පිවිසුණා ම බ්‍රවුසරය විසින් එම සර්වරයට news feed එක දැකිය යුතු බවට ඉල්ලුමක් යවන අතර ඊට පිළිතුරු වශයෙන් අදාල දත්ත නැවත පරිගණකයට ලැබෙනවා. WhatsApp වෙත පිවිසුණා ම ඇප් එක විසින් ඔබ online බවට සර්වරයට දන්වනවා. මැසේජ් එකක් යවද්දී එය සර්වරයට ලබාදුන්නා ම ප්‍රතිචාරය වශයෙන් අවශ්‍ය පුද්ගලයා වෙත එය යැවෙනවා. PUBG ක්‍රීඩා කරද්දී අපි ඇවිදින අඩියක් පාසා ඒ ගැන සර්වරයට දැනුම් දෙනවා. එවිට ඊට ප්‍රතිචාර වශයෙන් එහි සිටින අනෙකුත් අයට ද අපේ චලනය දිස් වෙන්නට පටන් ගන්නවා. මේ ආකාරයට පැහැදිලි වන්නේ මනුෂ්‍ය ඉල්ලීම් (requests) මත අන්තර්ජාලය දැනට රඳා පවතින බව යි.
Internet of Things කියන වචනයේ අර්ථය, උපාංගවල අන්තර්ජාලය යන්න යි. ඒ අනුව, පුද්ගලයන්ගේ අන්තර්ජාලය (Internet of People) වෙනුවට මානව සහභාගීත්වයක් නොමැති ව උපාංග-උපාංග අතර ඇති කරනු ලබන සබඳතා ජාලයක් තමයි ඉන් හැඳින්වෙන්නේ. එහි දී උපාංගයන් තමන් විසින් ම එකිනෙක අතර දත්ත නිර්මාණය කිරීම, වෙනස් කිරීම, මකා දැමීම, යැවීම, සහ ලැබීම සහ තීන්දු ගැනීම සඳහා එම දත්ත භාවිතා කිරීම සිදුකරනු ලබනවා. IoTහි මූලික හරය, උපාංග අතර දත්ත හුවමාරු වීම යි.


IoT ක්‍රියා කරන්නේ කොහොමද?

උපාංගවල අන්තර්ජාලය (Internet of Things) සඳහා ප්‍රධාන කාරණා තුනක් බලපානවා. උපාංග අතර සම්බන්ධතාව ඇති කරගැනීමට ක්‍රමයක්, වෙනත් උපාංගවලින් දත්ත උකහා ගැනීමට ක්‍රමයක්, සහ එම දත්ත විශ්ලේෂණය කර (process කර) තීරණයක් ගැනීම සඳහා ක්‍රමයක් ඊට අවශ්‍ය වෙනවා. උපාංගවලට දැනට තිබෙන අන්තර්ජාලයට වයිෆයි හෝ කේබල් හරහා සම්බන්ධ වීමෙන් හෝ සෘජු ව බ්ලූටූත් හරහා එකිනෙක සබැඳීමට ද හැකියාව තිබෙනවා. ඊට අමතර ව මීටර් 10-20ක් පමණ දුරට විහිදෙන Zigbee රැහැන් රහිත සංඥා හරහා හෝ මීටර් 100ක් පමණ පරාසයක පාවිච්චි කළ හැකි Z-wave සංඥා භාවිත වෙනවා.
උපාංගවල පද්ධති ක්‍රමලේඛනයට C, Java, Python, JavaScript, Swift, PHP ආදී පරිගණක භාෂාවන් පාවිච්චියට ගන්නවා. නමුත් උපාංග දෙකක් අතර සම්බන්ධතාව ඇති වන ආකාරයට (API එකක් වැනි) ක්‍රමවේදයක් සැකසීමේ දී බොහෝ විට ඒවා එම උපාංග පද්ධතිය ඇතුළත පමණක් එකිනෙකට තොරතුරු හුවමාරු කරගත හැකි ආකාරයට සැකසෙනවා. නිෂ්පාදකයාගේ වෙනස්කම් සහ අවශ්‍යතාවයේ හැටියට උපාංගයක් අනෙකක් හා කෙසේ සන්නිවේදනය කරනවා ද යන්න ඒ අනුව වෙනස් වන නිසා තවමත් ඕනෑ ම IoT උපාංගයකට තවත් කුමක් හෝ IoT උපාංගයක් හා සබැඳීමක් සිදුවන්නේ නැහැ.
මෙයට විසඳුමක් ලෙස Interpreter එකක් පාවිච්චි කරනවා. එවිට එම Hub එකට උපාංගයකයට සබැඳී අනෙක්වා සමග එය හරහා කටයුතු කරන්නට පුළුවන්. සියලු උපාංගවලට එවිට දැනගැනීමට අවශ්‍ය වන්නේ එම Hub එක හා සබැඳිය යුතු ආකාරය පමණයි.

IoT වල වාසි

මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්වලට වඩා බොහොමයක් දේවල් IoT උපාංගවලට කරන්න පුළුවන්. ඒ වගේ ම ඒවායේ කාර්යක්ෂමතාව, පහසුව මෙන්ම ඇතැම් අවස්ථාවල දී ආරක්ෂාවත් ඉහළ යි.
වැදගත් දේකට ඊ-මේල් පණිවිඩයක් යැව්වාට පස්සේ ඒක කියවලා, තිබෙන දේවල් අනුව කටයුතු කරලා, යළිත් උත්තරයක් එන්නට මිනිසුන් අතර කල් ගත වෙනවා. නමුත් IoT උපාංගයකින් ඉල්ලීමක් කළාට පස්සේ එයට බොහොම වේගයෙන් ඊට ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. එනිසා මේවායෙන් අපේ කටයුතුවල වේගය වැඩි කරගෙන, පොරොත්තු කාලය අඩු කරගන්න පුළුවන්.
IoT උපාංග බොහොමයක් සුවිශේෂී කාර්යයක් වෙනුවෙන් ම සකසන ලද ඒවා යි. එනිසා බහුකාර්ය නමුත් අමතකවීම් සිදුවිය හැකි මානව අන්තර්ජාලයකට වඩා දත්තවල විශ්වාසවන්ත බවක් මේ හරහා ලැබෙනවා. ස්වයංක්‍රීය ගබඩා කිරීම් සහ විශාල දත්ත (big data) විශ්ලේෂණයන් ද ඉතා පහසුවෙන් කරගැනීමට මේවා නිසා අවස්ථාව ලැබෙනවා.

උදේ එලාම් එක වැදෙද්දී තේ හදාගන්න කුස්සියේ වතුර එකක් උණු වීම හෝ තේ සකසන යන්ත්‍රයකින් තේ එකක් ම ස්වයංක්‍රීයව සැකසීම, රැකියාවේ නියැලෙමින් ඉඳිද්දී නිවසේ තිබෙන සංවේදකයක් හරහා ගෙදර කෙනෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය වෙනස් වීමක් මත SMS එකක් ලැබීම, හවස ඔබ නිවසට කිට්ටු වෙද්දී ම (දුරකතනයේ GPSවලින් හඳුනාගෙන) ඉදිරිපස ලයිට් සක්‍රීය වීම සහ දොරගුළු හැරීම වැනි උපාංග-උපාංග අතර කෙරෙන සන්නිවේදනයකින් අපේ මැදිහත් වීමකින් තොරව ජීවිතය තවත් පහසු කරගන්නට IoT උපාංග විශාල කාර්යයභාර්යයක් ඉටු කරනවා.


සාර්ථක අන්තර්ජාල ව්‍යවසායකායක් වීමට අවශ්‍ය උපදෙස් 10 ක්.. Top 10 Tips to Becoming a Successful Online Entrepreneur



  • 1. Have a unique idea.

    If you're wondering how to become an entrepreneur online, this is a huge step. It may seem simplistic, but, given the staggering amount of competition, the difference between being a successful online entrepreneur and just another option balances on a razor's edge. You either need to offer a unique product, a unique service, or a unique method of delivery and implementation. Do your due diligence, and research what's out there already. How does what you offer differ from other similar products or services? That's your niche, the unique value you'll provide, and that's how you'll become a successful online entrepreneur.

  • 2. Create a solid business plan.

    Once you're satisfied that you are offering something unique, build a plan detailing how you're going to deliver it. What are your steps to become an entrepreneur online? How are you sourcing your product? Who's building your ecommerce site? Where's your startup money coming from? If you become rapidly successful do you have the infrastructure to meet demand? All these questions and more need answers before you jump into your online entrepreneurship.

  • 3. Know your competition.

    You'll likely have done some competitive research while looking into the unique qualities of your produce or service, but you need to take a deep dive. Becoming a successful online entrepreneur depends on knowing your competition. What are they doing right? What are they doing wrong? Are they active on social media? How big is their community? Find them on social media and follow them. Read their customer forums. See where they show up in search results for applicable terms. When you know your competitors' strengths and weaknesses you'll know right where you need to be.

  • 4. Understand your value.

    This is of special concern to service providers, but online entrepreneurs who sell products need a firm grasp on value as well. Does your pricing make sense given the market? Does it make sense given the time and effort involved in getting it to your clients? Either under- or overcharging can cause considerable issues. What you charge is going to reflect the cost of doing business, the geographical area you operate in, the current market value, and many other variables.

    • 5. Market cleverly.

      Know where to spend your time and money on marketing efforts. Social media can be a great way for an online entrepreneur to spread the word about their products or services, but does every platform make sense? Are you in danger of spreading yourself too thin and diluting your impact while possibly falling short in other vital areas?
      Don't do anything just because everybody else does. You have a unique product or service - finding a unique way to market it can be critical in becoming a successful entrepreneur online.

    • 6. Keep your day job.

      Starting a new business can be intoxicating. You've got a great idea, you've done your research, and you want to put everything you can into your company. However, the stark reality is that many online businesses fail, for many reasons, so unless you've a source of funds to pay for essentials you will likely want to keep your current job until your business really gains traction and starts turning a reliable profit.
      It's difficult to apply caution when everything's telling you to jump in the deep end, but biding your time while your business becomes successful will help you avoid painful financial difficulties. Patience is a key virtue when you're learning how to be a successful online entrepreneur.

    • 7. Find a good coach.

      A good coach, especially one who has some experience with how to be an online entrepreneur, can help you considerably with both the day to day issues of selling online and the big picture. There are a number of organizations that can connect you with a coach, or, if you don't mind virtual communication, you can search for one online.
      You may find in your journey to become an online entrepreneur you feel a bit adrift concerning decisions and need a sounding board; a good coach can fill that role and help you feel less alone while becoming a successful online entrepreneur.

    • 8. Learn how to manage money.

      You're in business to make money, but there are many cases in which, when running a new online business, entrepreneurs hadn't fully planned out the financial aspects of their businesses and felt the sting of financial mismanagement. Be sure that you don't fall into that situation. Your coach can help with this as well, as they should have experience with business finances.
      When money comes in, have a plan that allocates some to business reinvestment (raw materials, marketing, etc.) and some to yourself as a wage. Be aware of what taxes you'll have to pay at the end of the year, and make sure you have money set aside for that. Understand that when you're starting up you'll need to invest more toward expanding the business and less toward your pocket.

    • 9. Be prepared to work hard.

      Becoming an online entrepreneur takes diligence and hard work. One of the advantages is that you're your own boss; one of the disadvantages is that, especially at the beginning, you may be your only employee. You'll have to ensure items are shipped or services are scheduled and rendered while dealing with marketing and other aspects of customer service.
      Combine all the work with the fact that you'll likely, at least at first, have another job as well and online entrepreneurship can be overwhelming. Be sure you know what you're getting into, and be ready to roll up your sleeves and get at it.

    • 10. Be adaptable.

      The path to becoming a successful online entrepreneur is seldom a straight one. Be ready to follow unexpected opportunities and work through unforeseen setbacks. Many of the most successful online businesses took advantage of new developments, pivoted from their original idea and, because they were flexible, catapulted into far greater success than originally expected.
      Keep an open mind, and let your business grow organically. You might be surprised where you find yourself a year from now.


    API කියන්නේ මොකද්ද? What is API?




    What is an API? (Application Programming Interface)



    API is the acronym for Application Programming Interface, which is a software intermediary that allows two applications to talk to each other. Each time you use an app like Facebook, send an instant message, or check the weather on your phone, you’re using an API.

    What Is an Example of an API?>

    When you use an application on your mobile phone, the application connects to the Internet and sends data to a server. The server then retrieves that data, interprets it, performs the necessary actions and sends it back to your phone. The application then interprets that data and presents you with the information you wanted in a readable way. This is what an API is - all of this happens via API.

    To explain this better, let us take a familiar example. Imagine you’re sitting at a table in a restaurant with a menu of choices to order from. The kitchen is the part of the “system” that will prepare your order. What is missing is the critical link to communicate your order to the kitchen and deliver your food back to your table. That’s where the waiter or API comes in. The waiter is the messenger – or API – that takes your request or order and tells the kitchen – the system – what to do. Then the waiter delivers the response back to you; in this case, it is the food. Here is a real-life API example. You may be familiar with the process of searching flights online. Just like the restaurant, you have a variety of options to choose from, including different cities, departure and return dates, and more. Let us imagine that you’re booking you are flight on an airline website. You choose a departure city and date, a return city and date, cabin class, as well as other variables. In order to book your flight, you interact with the airline’s website to access their database and see if any seats are available on those dates and what the costs might be.



    API කියන concept එක හොදින් පැහැදිලි කරන Video එකක්


    වෙබ් අඩවියක පරිශීලක ගිණුමක් සෑදිමේදි email verification එකක් කරන්නේ කෙසේද?User registration and email verification PHP and MySQL


    Normally when we create an account on any website after the account creation they want email verification, and actually, email verification is very very important. Actually, they want to check your email is a real email or a fake email, so very straight forward email verification just checks your email reality.

    සමහර වෙබ් අඩවි වලට පිවිසීමේදි ඒ සඳහා Username සහ Password ලබා දිය යුතුවේ. උදාහරණ ලෙස Facebook, Twitter, Gmail. ඔබ සාදන වෙබ් අඩවියෙත් ඇති සම්පත් හෝ සේවාව ලබා දීමේදි පරිශීලකයන් හට ගිණුමක් සදාගත යුතු අතර එසේ ගිණුම සදාගන්නා පුද්ගලයාගේ අනන්‍යතාවය පරීක්ෂා කිරිමක් අනිවාර්යෙන් සිදුකල යුතුවේ. ඒ සඳහා යම් පුද්ගලයෙකු ගිණුම සදාගන්නා අවස්ථාවේම ඔහු ලබාදෙන Email ගිණුමට Email verification Link යවන අතර ඔහු එම අවස්ථාවේම එය ඔහුගේ බව තහවුරු කල යුතුවේ. එවිට ඔහු සදාගත් ගිණුම සක්‍රීය වේ. වර්ථමානයේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කරන ප්‍රධානම ක්‍රමය මෙය වේ.

    මෙසේ Email verification කරන්නේ කෙසේද? PHP and MySQL භාවිතයෙන් email verification කරන ආකාරය මෙම සරළ Video තුලින් විස්තර කරයි.



    පරිගණක භාෂා සහ පරිගණක මෘදුකාංග Programming Languages & Software


    පරිගණකය යනු යන්ත්‍රයක් බැවින් ඒ මගින් ගැටළුවක් විසඳා ගැනීමට අවශ්‍ය නම් ගැටළුව විසඳන ආකාරය පියවරෙන් පියවර ඉතාම නිවැරදිව පරිගණකයට ලබා දිය යුතුය .
    මේ සඳහා පරිගණක භාෂාවක් භාවිතා කරනු ලැබේ.
    Clear and correct steps should be given to the computer in order to solve a problem as it’s machine. In this regard we should use a computer language.

    පරිගණක භාෂාවක් යනු කුමක්ද? What is a programing language?

    පරිගණක (ක්‍රමලේඛන - Programming) භාෂාවක් යනු පරිගණකයකට උපදෙස් ලබාදීම සඳහා යොදාගන්නා කෘත්‍රිම භාෂාවකටයි.
    A programming language is a formal constructed language designed to communicate instructions to a computer. 

    • Pascal
    • Java
    • C
    • C++
    • Python ...
    ඒ අනුව කිසියම් කාර්යක් කරගැනිම සදහා පරිගණක භාෂාවක් යොදා ගෙන පරිගණකයට ලබා දෙන උපදෙස් මාලාව පරිගණක ක්‍රමලේඛණයකි .
    A computer program is a set of instructions written in a language that computers can understand and execute in order to complete certain tasks පරිගණක ක්‍රමලේඛණයක අවසාන ප්‍රථිපලය ඔබ දකින කිසියම් මෘදුකාංගයක් වේ. පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි. පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.
    Software is a set of programs, which is designed to perform a well-defined function. A program is a sequence of instructions written to solve a particular problem.
    මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. මෘදුකාංග තැනීමට ප්‍රථම ඊට‍ අදාල මෘදුකාංගයේ සැකිල්ල (Software framework) තනනු ලැබේ. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගනනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි.




    පාසලක ක්‍රිඩා නිවාස වලට ලමුන් තෝරා ගැනිම සදහා භාවිතා කල හැකි මෘදුකාංගයකි. මෙයින් සිසුන් අදාල නිවාස වලට තෝරාගැනිම, එම ඇතුලත් කල දත්ත Database එකක ගබඩා කිරිම (save), එම දත්ත අවශ්‍ය පරිදි වෙනස් කිරිම (Update or Edit), දත්ත මකා දැමීම (Delete), සහ එක් නිවාසට අයත් ලමුන්ගේ නම් (Search) කිරිම සහ මුද්‍රණය (Print) කිරිම ආදි දේ කල හැක. මෙය මෘදුකාංගයකට උදාහරණයකි.



    මෘදුකාංග නිර්මාණකරණය Software Development




    මෘදුකාංග නිර්මාණකරණයේ මූලික හරයන්


    ගැටළු නිරාකරණය.

    අප මෘදුකාංගයක් ලියනු ලබන්නේ කුමන හෝ ගැටළුවකට විසඳුමක් සෙවීමේ අරමුණෙනි. නැතහොත් යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා ය. එබැවින්, යම් ගැටළුවක් නිරාකරණය කිරීමේ පියවරයන් මෙලෙස විග්‍රහ කරනු ලැබේ.

    1. ප්‍රශ්ණය විශ්ලේෂණය කිරීම - ගැටළුව ගැන මූලික අවබෝධයක් ලබා ගැනීම සහ ගැටළුවේ ස්වභාවය ගැන යම් වටහා ගැනීමක් ඇති කර ගැනිම.
    2. ගැටළුව නිරාකරණය සඳහා කළ යුතු දෑ ගැන මූලික අවබෝධයක් ලබා ගැනීම - ඇති වී ඇති ගැටළුවට විසඳුමක් සොයා එම විසඳුම කරා යාම සඳහා කළ යුත්තේ කුමක් දැයි විමසා බැලීම.
    3. ගැටළුව විසඳීම සඳහා පියවර ඉදිරිපත් කිරීම. - ගැටළුවක් විසඳීමේ පියවරයන් සමූහයට ඇල්ගොරිතමයක් යැයි කියනු ලැබේ. මෙම ඇල්ගොරිතමය නිර්මාණය කිරීම මෙම කොටසේදී සිදු කරයි.
    4. විසඳුම ස්ථාපිත කිරීම. - මෙම පියවරයේදී පෙර පියවරේදී සැලසුම් කළ ඇල්ගොරිතමය ක්‍රමලේඛණය කිරීම සහ අදාළ පද්ධතියට ඇතුළත් කිරීම අයත් වේ.
    5. පරීක්ෂා කිරීම සහ දෝෂ නිරාකරණය - පෙර පියවරයේදී ස්ථාපනය කළ විසඳුම, පෙර බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵල ලබා දෙන්නේද යන වග පරීක්ෂා කිරීම සහ එසේ අදාළ විසඳුම කරා යාමේදී ඇතිවන දෝෂ නිරාකරණය කිරීම මෙහිදී සිදුවේ.


    මෘදුකාංග නිර්මාණකරණය යනු... (Programming)

    • මෘදුකාංග නිර්මාණකරණය යනු ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රියාවලියකි.
    • පරිගණකය හරහා යම් කාර්යයක් සිදු කර ගැනීම සඳහා පිළිවෙළක් අනුව, උපදෙස්, විධාන සමූහයක් ලේඛනය කරීමයි.
    • මේ ආකාරයට ලියනු ලබන උපදෙස්, විධාන සමූහයකට පරිගණක වැඩසටහනක් හෝ script එකක් යැයි කියනු ලැබේ.
    • ඔබට පරිගණකය හරහා සිදු කර ගැනීමට අවශ්‍ය දෑ ඇල්ගොරිතම භාවිතයෙන් විස්තර කිරීමද මෘදුකාංග නිර්මාණකරණය යටතට ගැනේ.
    • මෙවැනි පරිගණක පාලනය කළ හැකි උපදෙස්, විධාන නිර්මාණය කරන්නන් මෘදුකාංග නිර්මාණ ශිල්පීන් (programmers) ලෙස හැඳින්වේ.


    වැඩසටහන් සැලසුම් නිර්මාණය


    වැඩසටහන ලිවීමට පෙර Top Down Design එකක් සෑදීම වැඩසටහන් සැලසුම නිර්මාණය කිරීමේ ප්‍රධාන ක්‍රියාවයි. Top Down Design එකක් යනු වැඩසටහන ක්‍රියා කරන පිළිවෙළ මුල සිට අගට චිත්‍රණය කිරීමකි. මෙය වාර්තාවක් ලිවීමට පෙර සකසන දළ සටහනක් වැනිය.

    මෙහි ඇති වැදගත්කම :-

    1. අදහස් සංවිධිත ලෙස සැලසුම් කිරීම.
    2. ව්‍යාපෘතියේ ප්‍රමාණය විශාල වන තරමටම මෙහි වැදගත්කමද වැඩිවේ.
    3. මූලික අදහස් වල සිට සූක්ෂම විස්තර දක්වා විස්තර කිරීම.

    නිර්මාණය සහ සංවර්ධනය

    1. ගැටළුව විශ්ලේෂණය කිරීම
    2. විසඳුම ගොඩනැඟීම (developing)
    3. විසඳුම ක්‍රමලේඛණය
    4. පරීක්ෂා කිරීම හා දෝෂ නිරාකරණය.



    ගැටළුව විශ්ලේෂණය කිරීම

    ගැටළුව ගැන මුළුමනින්ම අවබෝධ කරගැනීම.

    • පරිගණකයෙන් නිපදවා ගත යුතු තොරතුරු මොනවාදැයි හඳුනා ගැනීම.
    • පරිගණකයට ඇතුළත් කළ යුතු දත්ත/තොරතුරු හඳුනා ගැනීම.
    • යම් විශේෂ සංසිද්ධි තිබේද යන්න සලකා බලා ඒවා හැසිරවිය යුතු ආකාරය හඳුනා ගැනීම.

    ගැටළුව විසඳීම සඳහා අවශ්‍යතා හඳුනාගැනීම.

    • පරිශීලකයන් වැඩසටහන සමඟ අන්‍යොන්‍ය ක්‍රියාකාරකම් පැවැත්විය යුතු ද යන්න.
    • වැඩසටහන විසින් දත්ත මෙහෙයවීම් සිදු කළ යුතුද යන්න.
    • ප්‍රතිදානය කුමක්ද යන්න.

    මෙම අවශ්‍යතා මොනවාද යන්න සොයා ගැනීම අදාළ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත අය විසින් සිදු කළ යුතුය.

    ගැටළුව විසඳීම සඳහා අවශ්‍යතා ලියවිල්ලක ආකාරයෙන් ඉදිරිපත් කෙරේ. මේ සඳහා බොහෝවිට සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව හෝ වෙනත් භාෂාවක් යොදාගනී.

    මෙම පියවරේදී කිසිම ආකාරයක ක්‍රමලේඛණය කිරීමක් (programming) සිදු කරනු නොලැබේ.

    විසඳුම ගොඩනැඟීම (developing)

    වැඩසටහනේ සැලසුම ගොඩනැඟීම ලෙස හැඳින්විය හැක. අදානය ලබාගෙන අදාළ ප්‍රතිදානය ලබා දිය හැකි ඇල්ගොරිතමයක් ගොඩනංවනු ලැබේ.

    වැඩසටහ වඩා සංකීර්ණ නම්, එය කොටස් වලට වෙන් කර, එම වෙන් කළ කොටස් නිමා කළ පසු එම කොටස් නියම පිළිවෙලට එකලස් කිරීම මඟින්, අපේක්ෂිත ප්‍රතිදානය ලබා දෙන, ප්‍රධාන වැඩසටහන සාදාගනී.

    Top Down Design

    මෙම ක්‍රමයේදී,වැඩසටහන විසින් සිදු කළ යුතු ප්‍රධාන කාර්යය වෙන වෙනම කුඩා මොඩියුල ලෙස බෙදා දැක්වේ.මුලින්, සම්පූර්ණ විසඳුම ගැන අවබෝධයක් ලබාගනී.දෙවනුව එම විසඳුම කොටස් වලට බෙදනු ලැබේ.එම බෙදනු ලැබූ මොඩියුලත්, අවශ්‍ය පරිදි පෙර ලෙසම නැවත බෙදා දක්වනු ලැබේ.


    ඇල්ගොරිතම

    ඇල්ගොරිතමයක් යනු යම් නිශ්චිත කාලයකදී, යම් කාර්යයක් සිදු කරන ආකාරය නිරවද්‍යව, නිරවුල්ව, පියවරෙන් පියවරට පැහැදිලි කිරීමයි. එය සියළු ක්‍රමලේඛ භාෂා වලින් ස්වායත්ත වේ.

    ඇල්ගොරිතමය, ගැලීම් සටහනක් (Flow chart) හෝ Pseudo කේතයක් ආකාරයෙන් ලිවිය හැක.


    විසඳුම ක්‍රමලේඛණය කිරීම

    පරිගණක ක්‍රමලේඛ භාෂාවක් භාවිතා කර ලියන ලද ඇල්ගොරිතමය (Flow chart or Pseudo code) Source Code එකක් බවට පත් කිරීම.ලියන ලද උපදෙස් ප්‍රකාශයේ Syntax එක (වාක්‍ය වින්‍යාසය) පරීක්ෂා කිරීම. කේතය compile කර, syntax එකේ දෝෂ නිරාකරණය කිරීම.


    වැඩසටහන පරීක්ෂා කර බලා නිවැරැදි කිරීම

    පරීක්ෂා කිරීම සඳහා, තෝරා ගත් දත්ත නියැදියක් ගෙන ඒවා සඳහා පිළිතුරු ගණනය කිරීම.වැඩසටහන ධාවනය කර ඒ අදාළ බලාපොරොත්තු වූ ප්‍රතිඵල පරිගණකය විසින් ලබා දේ දැයි පරීක්ෂා කිරීම.එලෙස බලාපොරොත්තු වූ පිළිතුරු නොලැබේ නම්, දෝෂය ඇති තැන සොයා එම දෝෂය නිවාරණය කිරීම.


    ක්‍රමලේඛණය හැදින්වීම


    පරිගණක ක්‍රමලේඛනයේ මූලික කරුණු සහ පාලන ව්‍යුහ


    පැස්කල් ක්‍රමලේඛණය Pascal Programming




    පැස්කල් ක්‍රමලේඛන භාෂාව හඳුන්වාදෙනු ලැබුවේ 1970 වර්ෂයේ  නික්ලස් වර්ත් (Nicklaus Wirth) විසිනි. පැස්කල් ක්‍රමලේඛන භාෂාව ඉහළ මට්ටමේ (High Level) ක්‍රමලේඛන භාෂාවකි.

    මෙම භාෂාව "පැස්කල්" නමින් නම් කරන ලද්දේ ආකලන යන්ත්‍රය (Adding Machine) නිෂ්පාදනය කරන ලද ප්‍රංශ ජාතික බ්ලේස් පැස්කල් (Blaise Pascal) ගණිතඥයාට උපහාර පිණිසය.

    පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ විශේෂතා Special features of Pascal

    • පැස්කල් ක්‍රමලේඛන භාෂාව ඉගෙන ගැනීමට, තේරුම්ගැනීමට සහ නඩත්තු කිරීමට පහසු භාෂාවකි.(Easy to learn, understand and maintain)
    • ඕනෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක පැස්කල් භාෂාව භාවිතයෙන් ලියු මෘදුකාංග ධාවනය කල හැක.(Pascal runs on a variety of platforms, such as Windows, Mac OS, and various versions of UNIX/Linux)
    • ව්‍යූහගත (Structured) ක්‍රමලේඛන භාෂාවකි.ඇල්ගෝල් (Algal) නැමති පරිගනක භාෂාව මත පදනම්ව නිර්මාණය කර ඇත(Structured language and designed based on ALGOL Language.



    Download Free Pascal

    Console vs GUI application

    පැස්කල් ක්‍රමලේඛණය ආකාර දෙකකින් කල හැක.

    • A console based programming method (Free Pasval , Turbo Pacal)
    • GUI (Graphical)based Programming method (Lazarus )

    Lazarus

    Lazarus is a free and open source development tool for the free Pascal compiler, which is also free and open source. The Lazarus Integrated Development Environment (IDE) is a programming environment to create standalone Graphical and Console applications



    Download Lazarus (Pascal GUI)


    අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි ක්‍රම




    අන්තරජාලයෙන් මුදල් ඉපයීම ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් උවත්, තවමත් අප රටේ බොහෝමයක් දෙනා ඒ වෙනුවෙන් පෙළඹීමේ අඩුවක් දක්නට ලැබෙනවා. ඒ සඳහා බලපෑ හැකි හේතු කාරණා රාශියක් තිබිය හැකියි. ඒ කෙසේ වෙතත්, අන්තර්ජාලය මඟින් මුදල් ඉපයීම ඇත්තෙන්ම සාම්ප්‍රධායික ලෙස කාර්යාලයක රැකියාවක් කරවාට වඩා විශාල ප්‍රතිලාභ රැසක් අත් කර දෙනවා. ඊට අමතරම රැකියාවක් හෝ වෙනත් ව්‍යාපාරයක් කරන අතරතුර උවද අන්තර්ජාලයෙන් අමතර ආදායමක් උපයා ගැනීමට යොමු විය හැකියි. ඉතින්, අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි දහසකුත් එකක් ක්‍රම අතරින්, වඩාත්ම ඵලදායී ක්‍රම දහයක් පිළිඹඳව මේ විස්තර කිරීම අවසානයේ ඔබ දැනුවත් වේවි.


    ඔබේ හැකියාවන් අලෙවි කරන්න

    හැකියාවන් අලෙවිකිරීම යමු ඔබ අන්තර්ජාලය හරහා නිදහස් සේවා සපයන්නෙකු වීමයි. හැමෝම දන්නා වචනය නම් online freelancing කිරීමයි. අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රමය වන්නේද මෙයයි. ලෝකය පුරාත්, ශ්‍රී ලංකාව පුරාත් විවිධ ක්ශේත්‍ර යටතේ නිදහස් සේවාවන් සපයන විශාල පිරිසක් සිටිනවා. ඉතා වැදකත් කරුණ නම්, ශ්‍රී ලාංකිකය නිදහස් සේවා සපයන්නන්ගෙන් සේවා ලබා ගැනීමට, බොහෝ රටවල සිටින සේවා දායකයන් සාපේක්ෂව වැඩි කැමැත්තක් දක්වනවා. ඒ බොහෝ දුරට, සේවා සදහා සාපේක්ෂව අඩු මුදලක් අය කිරීම සහ සේවාවේ ගුණාත්මක බව නිසයි. ඉතින් ඔබටත්, අන්තර්ජාලයේ විකිණිය හැකි ආකාරයේ හැකියාවක් තිබේනම්, මේ ක්‍රමය වෙත අනිවාර්යෙන්ම යොමු වීම වැදගත් වනවා. එසේ අලෙවි කල හැකි සේවා අතර පරිඝණක ග්‍රැෆික් නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනය, පරිඝණක ජාල කරනය (networking) ආශ්‍රිත සේවා, ලිපි ලිවීම, පරිඝණක ක්‍රීඩා නිර්මානය ආදිය ප්‍රධාන වනවා. ඊට අමතරව, අන්තර්ජාලය හරහා කල හැකි වෙනත් ඕනෑම කටයුත්තක් නිදහස් සේවා සපයන්නෙකු ලෙස ඔබට කළ හැකියි.


    වෙබ් අඩවියක් නිර්මාණය කර Ad Sense හරහා ඉපයීම

    ඔබ විවිධ වෙබ් අඩවි වලට පිවිසෙන විට නොයෙකුත් දැන්වීම් පල වනවා ඔබ දැක ඇති. මෙම දැන්වීම්, සාමාන්‍යයෙන් විශාල පරිශීලකයන් පිරිසක් පැමිණෙන ඕනෑම වෙබ් අඩවියක දැක ගත හැකියි. ඉතින් ඔබටත් සරලවම ඔබේම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් නිර්මාණය කළ හැකියි. එය කුමණ කරුණක් සම්භන්ධයෙන්ද යන්න වැදගත් නොවේ. වැදගත් වන්නේ, ඔබගේ වෙබ් අඩවිය වෙත පැමිණෙන පරිශීලකයන්ට ප්‍රමාණවත් තරම් අන්තර්ගතයක් තිබෙනවාද යන්නයි. ඉතින්, ඔබ වෙබ් අඩවියක් ආරම්භ කල පසු සරලවම සහ නොමිලේම Ad Sense ගිණුමක් විවෘත්ත කර ගත හැකියි. එතැන් පටන් ඔබට, දැන්වීම ලබාගැනීම වෙනුවෙන් නියමිත කොන්දේසි සැපිරූ වහාම, Ad Sense හරහා ලැබෙන දැන්වීම් වලින් ඉපයීමට හැකියි.


    You tube චැනලයක් නිර්මාණය කරන්න

    ඇත්තෙන්ම you tube තුල විවිධ මාතෘකා වලට අදාල වන වීඩියෝවන් ට්‍රිලියන ගණනක් තෙබෙනවා. ඒ වගේම you tube හරහා මාසිකව මිලියන, බිලියන ගණන් උපයන්නන් සිටිනවා. ඒ Ad Sense හී ලියාපදිංචි වීමෙන් හා තවත් බොහෝ ක්‍රම වලිනි. You tube සඳහාද Ad Sense සක්‍රීය කර ගැනීම එතරම් අපහසු නොවන නමුත්, ඔබ වෙත ඉදිරිපත් කරන කොන්දේසි සැපිරීම අනිවාර්ය වනවා. You tube හරහා Ad Sense මඟින් ඉපයීමට අමතරව, වෙනත් අනුග්‍රාහක දැන්වීම් ප්‍රචාරයද අපට සිදු කල හැකියි. එසේම You tube චැනලය හරහා විවිධ ආයතන වල නව නිශ්පාදන, හෝටල්, ආපනශාලා, review කිරීම හා ඒවා ජනතාවට හඳුන්වා දීම මඟින්ද විශාල මුදලක් උපයාගත හැකියි. කෙසේ වෙතත්, මේවා සිදු කිරීම සඳහා, ඔබ සතුව සැලකිය යුතු තරමේ ග්‍රාහකයන් පිරිසක් (Subscribers) සිටිය යුතු වනවා.


    ඔබ දන්නා දේ උගන්වන්න

    අන්තර්ජාලය හරහා ඉගෙනුම්, ඉගැන්වීම් කිරීම, මේ වන විට ලොව ප්‍රචලිත වෙමින් පවතින අධ්‍යාපන ක්‍රමයකි. එම නිසා, අනිවාර්යෙන්ම ඔබේ හැකියාවට නිසි තැනක් ලැබෙනවා. ඔබට කිසියම් හෝ විෂය ක්ශේත්‍රයක් කෙරෙහි මනා දැනුමක් තිබේනම් සහ එය ඉතා හොඳින් තවකෙකුට ඉගැන්විය හැකිනම් මේ ඔබේ අවස්ථාවයි. ඔබට ඉංග්‍රීසි මෙන්ම වෙනත් අන්තර්ජාතික භාෂාද හැසිරවිය හැකිනම්, ඔබට සේවය සැපයිය හැකි ප්‍රජාව අති විශාල වනවා. අන්තර්ජාල ඉගෙනුම් සඳහා ප්‍රසිද්ධ ක්‍රම වනුයේ video conference, සකසන ලද වීඩීයෝ, PDF ආකාරයට සැකසූ නිබන්දන, වෙබ් අඩවි ලිපි හරහා ඉගැන්වීම ආදියයි.


    Drop shipping ක්‍රමය හරහා භාණ්ඩ විකුණන්න

    ඉතා සරලවම පවසනවානම් මෙහිදී වන්නේ ඔබ අතරමැදියෙකු බවට පත්වී ආදායම් ඉපයීමයි. මෙහිදී ඔබ සිදු කල යුතු වන්නේ, භාණ්ඩ විකුණන යම් කිසි ප්‍රසිද්ධ වෙබ් අඩවියක ඇති භාණ්ඩ ඔබ විසින් නිර්මාණය කළ වෙබ් අඩවියක දැක්වීමයි. එවිට ඔබගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන පාරිභෝගිකයෙකු යම් භාණ්ඩයක් ඇණවුම් කල විට ඔබ කල යුත්තේ ඒ පුද්ගලයාගේ විස්තර ඇතුලත් කොට අදාල භාණ්ඩය ප්‍රධාන වෙබ් අඩවියෙන් ඇණවුම් කිරීමයි. ඒ සඳහා ගෙවීම සිදු කල යුත්තේ ඔබ වන අතර, ඔබ වෙත පැමිණෙන පාරිභෝගිකයා ඔබ වෙත ඔබේ වෙබ් අඩවියේ සඳහන් වන මුදල ගෙවයි. ඉතින්,ඔබ එම ක්‍රියාවලියෙන් ඉපයීමට නම් ඔබගේ වෙබ් අඩවියේ සඳහන් කරන මිල, භාණ්ඩයේ සාමාන්‍ය මිලට වඩා තරමක් වැඩි මුදලක් විය යුතුයි. එසේම මෙය ලෝකය තුල අතිශයින්ම නීත්‍යානුකූල ක්‍රමයක් වන බවද කිව යුතුයි.


    Forex වෙළඳපොලේ ආයෝජනය කිරීම

    බොහෝ දෙනා මුදල් බැංකුවේ ස්ථාවර ගිණුමක තැන්පත් කිරීමට පෙළබුනත්, ආයෝජනයන් වෙත පෙළබීමේ අඩුවක් තිබෙනවා. නමුත් මුදල් ආයෝජනය කිරීම යනු, මුදල් ඉපයීමට ඇති හොඳම විකල්පය ලෙස හැදින්වීමේ වරදක් නැහැ. ඉතින් අන්තර්ජාලය හරහා ආයෝජනය කළ හැකි ක්‍රම රාශියක් තිබුනඳ, forex හී ආයෝජන ඒ අතරින් විශ්වශනීය හා ඉක්මන් ක්‍රමයක් වනවා. Forex හීදී සිදු වන්නේ විදේශ විනිමය හුවමාරුවේදී සිදු වන වටිනාකම් වෙනස් වීම් වල ආයෝජනය කිරීමෙන් ආදායම් ඉපයීමයි. කෙසේ වෙතත් මෙය හැදින්වෙනේ වැඩි අවදානම් ඇති, වැඩි ප්‍රතිලාභ ඇති ක්‍රමයක් ලෙසයි. ඉතින්, ඔබ forex හී ආයෝජනය කරන්නේ නම් ඒ පිළිබඳ මනා දැනුමකින් යුතුව ඒ වෙත යොමු වීම වැදගත් වේවි.


    ඔබගේම නිර්මාණ අලෙවි කරන්න

    මෙය ඔබට නිදහසේ සහ විනෝදයෙන් කළ හැකි කාර්යක්. එනම් ඔබ විනෝදාංශයක් ලෙස කරන හෝ ඔබට දක්ශ ලෙස කල හැකි අත්කම් නිර්මාණ, චිත්‍ර ඇදීන්, ඇදුම් වලට මෝස්තර එකතු කිරීම් ආදිය මෙන්ම, ඔබ සතුව ඇති ඡායාරූප හා වීඩියෝ පවා අලෙවි කල හැකියි. ඔබට ඒ සඳහා ඔබේම වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම, වෙනත් භාණ්ඩ විකුණන වෙබ් අඩවියක පළ කිරීම මෙන්ම ෆේස්බුක් පිටුවක් සෑදීම මඟින්ද තම නිර්මාණ අලෙවි කල හැකියි.


    E – books ලියා පල කරන්න

    අතීතයේ නම් පොතක් ලියා, එය පල කරනවා යනු එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පොත ලිවීමට අවශ්‍ය කඩදාසි වල සිට, යතුරු ලියනය, මුද්‍රණය, බෙදා හැරීම ආදී බොහෝ ක්‍රියාවලීන් සඳහා විශාල පිරිවැයක් වැය වූවා. නමුත් වර්ථමානයේ එය එතරම් අපහසු නොවේ. ඒ සඳහා ඔබ සතුව පරිඝණකයක්, ලිවීම සඳහා මෘදුකාංගයක් හා අන්තර්ජාල සම්භන්ධතාවක් තිබීම පමණක් ප්‍රමාණවත්. ඔබට ඇතිතේ, පරිඝණකයෙන් ලියන ග්‍රන්ථය මුදලක් නියම කොට අන්තර්ජාලයේ පල කිරීමයි. මේ ක්‍රමය හරහා මාසිකව උපයන බොහෝ පිරිසක් ලොව පුරා සිටිනවා.


    ඔබේ ආහාර නිශ්පාදන වලින් උපයන්න

    මෙය තවමත් එතරම් ප්‍රචලිත ක්‍රමයක් නොවුනත්, නගරබදව නම් මෙම ක්‍රමය ඕනෑ තරම් දැක ගත හැකියි. එනම් වෙබ් අඩවියක් හරහා ආහාර සපයන්නන් සහ ආහාර ඉල්ලුම් කරුවන් එකිනෙක සම්භන්ධ කරන සහ, එම ආහාර බෙදාහරින ජාලයක, ආහාර සපයන්නෙකු වීමයි. මේ සඳහා දැනට ශ්‍රී ලංකාව තුල Pick me foods සහ Uber eats යන සේවාවන් ක්‍රියත්මකයි. ඉතින්, එම ආයතන ලබා දෙන කොන්දේසි සපුරාලමින්, ආහාර සපයන්නෙකු ලෙස ඔබට ලියාපදිංචි විය හැකිනම් එය විශාල අවස්ථාවක් වනවා.


    වෙබ් අඩවි හරහා ඔබේ වත්කම් කුලියට ලබා දීම

    ඔබ සතුව ඇති වාහන, නිවාස, වෙනත් ඕනෑම බඩු බාහිරාදියක් විවිධ වෙබ් අඩවි හරහා කුලියට දීමට හැකියි. උදාහරණ ලෙස ගතහොත්, රටට පැමිණෙන විදේශිකයට ඔවුන්ගේ සංචාරක කටයුතු වලට මෙන්ම, ටැක්සි සේවා සඳහා ඔබේ වාහනය කුලියට දීමට හැකියි. එසේම සංචාරකයන්ට, පහසුකම් සහිත ඔබගේ අමතර කාමර හෝ නිවාස කිලියට දීමට හැකියි.


    ඉතින්, මෙහි සඳහන් කර ඇතිතේ අන්තර්ජාලයෙන් ඉපයිය හැකි වඩාත් ප්‍රචලිත ක්‍රම දහයක් පමණි. මේ ක්‍රම වලින් එකක් හෝ ඕනෑම අයෙකුට ආරම්භ කළ හැකි මට්ටමේ ඒවා වීමද විශේෂත්වයක්.

    උපුටාගැනිම - TopSinhalaBlog



    වයස අවුරුදු 25 න් ජිවිතේ දින්න පොලොන්නරුවේ සහන් අකලංක

    ෆොරෙක්ස්ට්‍රේඩින් ආශ්‍රිත සාර්ථකත්වයට පත් වී තිබෙන සහන් අකලංක මහතා පොලොන්නරුව ප්‍රදේශයෙන් බිහි වූ සාර්ථක, දක්ෂ සහ නිර්මාණශීලී තරුණ ව්‍යවසායකයෙක් වන අතර ඔහු අන්තර්ජාලය ආශ්‍රිත ෆොරෙක්ස්, කොටස් වෙළඳපොළ ආදී වූ ඩොලර් ට්‍රිලියන ගණන් සංසරණය වන දැවැන්ත මූල්‍ය වෙළඳ පොළ වල් තුළින් ආයෝජනය සිදුකර ඒවාගෙන් ලාභ ලබා දෙමින් රටට විදේශ විනිමය උපයාදීමක් සිදු කරයි.




    තමන්ගේ සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයාගේ කතාව



    පරිගණක ලෝකයේ තවත් සංධිස්ථානයක් ‘‘Cloud Computing”


    මොකක්ද මේ ‘‘Cloud Computing” ?




    තොරතුරු තාක්ෂණික සේවාවන් හා මෙවලම්වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍ර‍වේශ වීමේ ක්‍රමයක් ලෙසින් ‘‘Cloud Computing” යන්න හැඳින්විය හැකිය. තවත් සරලව කියනවනම්, මෙහිදී අපට අවස්ථාව ලැ‍බෙනවා ලෝකයේ තිබෙන සෑම Application එකක් ම වගේ install කරලා තියෙන Server computer machine එකකට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා අපට අවශ්‍ය Application එක තෝරාගැනීම මගින් අපට අවශ්‍ය කාර්යය කර ගැනීමට. අවශ්‍ය වෙන්නෙ වෙබ් අතරීක්සුවක් (Web browser) සහිත පරිගණකයක් සහ අන්තර්ජාල සම්බන්ධතාවක් පමණයි.


    ඇයි මේ සේවාවට ‘‘Cloud Computing” කියන්නෙ?

    අවශ්‍ය මෘදුකාංග සියල්ල තැන්පත් කරලා තියෙන්නේ, අන්තර්ජාලයට සම්බන්ධ Server computer machine එකක නිසාඅවශ්‍ය කාර්යය කිරීමට අදාළ මෘදුකාංග අපේ පරිගණකය තුළ install කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ ම අවශ්‍ය කාර්යය අපේ පරිගණකයෙන් සිදුකර එම දත්ත හා තොරතුරු Server computer machine එක තුළම තැන්පත් කරන්නත් පුළුවන්. පසුව එම දත්තවලට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සබඳතාවයක් සහිත පරිගණයක් ඔස්සේ ප්‍රවේශ විය හැකිය. එසේම මෙම පහසුකම සක්‍රිය කරගැනීමට කළ යුත්තේ තුන්වන පාර්ශවීය සේවා සපයන්නෙකුගෙන් සුළු මුදලක් ගෙවා සේවාව ලබා ගැනීමයි. එමගින් ජාලයේ තිබෙන සියලු සම්පත් ප්‍රයෝජනයට ගැනීමට හැකි සේවාවක් ලැබෙන අතර ගෙවීමට සිදුවන්නේ අප පරිහරණය කරන සෙවාවන්වලට පමණි.


    ‘‘Cloud Computing” සම්භවය

    මෙය මුල් වරට ආරම්භ වූයේ 2009 වර්ෂයේ දී ය.නිදහස් සහ විවෘත මෘදුකාංගවලින් මේ සේවාව විශාල දායකත්වයලබා දෙයි. ‘‘Cloud” යන වචනය මෙහිදී යොදා ගැනෙන්නේ දුරකථන ක්‍රමයක් හෙවත් දුරකථනයක් (Telephone)යන අර්ථයෙනි. 1990 දශකය පමණ වන තුරු දත්ත හුවමාරුව සිදු වූයේ රැහැන් සම්බන්ධතාවන් මගිනි. පසු කාලීනව විවිධ දුරකථන සමාගම් රැහැන් රහිත පරිගණක ජාල ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එය, Virtual Private Network(VPN) ලෙස හඳුන්වයි. එය භාවිතයෙන් පරිගණක ජාලය තුළ තදබදය(Traffic) අවම වූ අතර තොරතුරු හුවමාරුව පහසු විය. Cloud Computing සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ 1960 වර්ෂයේ John McCarthy විසිනි. නමුත් මෙම වචනය ජනප්‍රිය වූයේ 1990 වර්ෂයේ ය. ඒ ATM කරලියට පැමිණීමත් සමග ය. ඉන් අනතුරුව 2007 වර්ෂයේදී Google සහ IBM සමාගම් විසින් විශාල පරිමාණයේ Cloud Computing ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.


    “Cloud Computing” වල ලක්ෂණ මොනවද?

    1. අවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව
    2. ඕනෑම තැනක සිට ජාලය පරිශීලනය
    3. සම්පත් ගොනුව
    4. සීඝ්‍රෙයන් වර්ධනය වන නම්‍යත්වය
    5. විශ්වාසනීයත්වය
    6. ක්‍රියාකාරී බව හා කාර්යක්ෂම බව.

    Cloud Computing සේවා ආකෘති මොනවද?

    1. සේවාවක් වශයෙන් මෘදුකාංග(Software as a Service-SaaS)
      • SaaSඅවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව, එසේත් නැතිනම් පරිශීලකයා සමග සෘජුවම සම්බන්ධ වන මෘදුකාංග, ‍මෙහෙයුම් පද්ධති(Operating system), පරිගණක ජාල ආදිය සහිත අතුරු මුහුණත ලෙස හඳුන්වයි.
      • ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සම්බන්ධතාව සහිත පරිගණකයක් හරහා, අමතර මෘදුකාංග හෝ දෘඩාංග රහිතව Cloud Computing හි මෘදුකාංග පරිශීලනය කරන්න මෙම ආකෘතියෙන් පුළුවන්. උදා- Gmail, Facebook….

    2. සේවාවක් වශයෙන් වේදිකාව (Platform as a Service-PaaS)
      • මෙම සේවා ආකෘතිය මගින් මෙහෙයුම් පද්ධති (Operating system), පරිගණක වැඩසටහන් භාෂා (Programing language)හා ආශ්‍රිත තත්ව, පරිගණක ජාල සපයන නමුත් මෘදුකාංග නම් සපයන්නේ නැහැ. නමුත් අවශ්‍ය මෘදුකාංග අපිට නිර්මාණය කරන්න වටපිටාව එමගින් සලසා දෙනවා. එනම් යෙදවුම් වැඩසටහන් අතුරු මුහුණතක් සපයනවා.
      • අඩු වියදමකින් වැඩි කාර්යයක් කරගන්න පුළුවන් නිසා, පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ට මෙම ආකෘතිය වඩාත් ගැලපෙනවා. උදා- Google engine,force.com

    3. සේවාවක් වශයෙන් යටිතල ව්‍යුහය(Infrastructure as a service-IaaS)
      • මෙම සේවා ආකෘතිය මගින් සපයනු ලබන්නේ පරිගණක දෘඩාංග(Hardware) සහිත ජාලකරණ පහසුකම පමණයි
      • එහිදී අපට අවශ්‍ය වැඩසටහන් , මෘදුකාංග ක්‍රියාත්මක කරීම සඳහා අන්තර්ජාලය හරහා පරිගණක දෘඩාංග පරිහරණය කරන්න අපිට පුළුවන්. උදා- amazon web services , at &t

    Cloud Computing ආකාර මොනවාද?


    • පොදු -Public cloud(Amazon, Google,Microsoft,Sales force)
    • පුද්ගලික-Private cloud(HP data center,IBM,Sun,Oracle,3tera)
    • දෙමුහුම්-Hybrid cloud

    Cloud Computing හි සංරචක මොනවාද?

    • සේවා ලාභී පරිගණක(Client Computers)
    • සේවා සැපයුම් පරිගණක( Distributed servers)
    • දත්ත මධ්‍යස්ථාන(Data center)

    Cloud Computing හි වාසි මොනවාද?

    • අඩු පරිගණකකරණ පිරිවැය
    • වැඩිදියුණු කරන ලද ක්‍රියාකරීත්වය
    • අඩු මෘදුකාංග පිරිවැය
    • ක්ෂණිකව මෘදුකාංග යාවත්කාලීන වීම./li>
    • වැඩිදියුණු කරන ලද ක්‍රියාකරීත්වය
    • සීමා රහිත ආචයන ධාරිතාව
    • යෙදීම්/උපකරණ(Devices) ස්වාධීන වීම මගින් ලෝකයේ ඕනෑම තැනක ඕනෑම මොහොතක සේවාව ලබාගත හැකි වීම.
    • නඩත්තු කටයුතුවලින් නිදහස් වීම.
    • කාර්යක්ෂමතාව හා නිරවද්‍යතාව

    Cloud Computing හි අවාසිත් තියෙනවාද?

    • Cloud Computing හි ප්‍රධානම අවාසිය එය අන්තර්ජාලය මත පදනම් වීමයි.
    • අන්තර්ජාල සහසුකම් සපයා ගැනීමට අපහසු අයෙකුට Cloud Computing යනු සිහිනයක් පමණයි.

    Cloud Computing පිළිබඳ විස්තාරාත්මක වීඩීයෝවක්





    Google Drive යනු කුමක්ද?




    ගූගල් ඩ්‍රයිව්(Google Drive) යනු ගූගල් විසින් වැඩි දියුණු කරන ලද ගොනු ගබඩා කිරීම සහ සමමුහුර්ත කිරීමේ සේවාවකි . 2012 අප්‍රේල් 24 වන දින දියත් කරන ලද ගූගල් ඩ්‍රයිව් පරිශීලකයින්ට ඔවුන්ගේ සේවාදායකවල ගොනු ගබඩා කිරීමට, උපාංග හරහා ගොනු සමමුහුර්ත කිරීමට සහ ගොනු බෙදා ගැනීමට ඉඩ දෙයි. වෙබ් අඩවියකට අමතරව, ගූගල් ඩ්‍රයිව් වින්ඩෝස් , මැකෝස් පරිගණක ,ඇන්ඩ්‍රොයිඩ් සහ iOS ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් පරිගණක සඳහා නොබැඳි හැකියාවන් සහිත යෙදුම් ලබා දෙයි. කාර්යාල කට්ටලය හරහා සාදන ලද සහ සංස්කරණය කරන ලද ගොනු ගූගල් ඩ්‍රයිව් හි සුරකිනු ඇත.

    මෙහි ෆයිල් ගබඩා කර තබන්නේ ක්ලවුඩ් (cloud) ක්‍රමයටයි. එම තොරතුරු වෙනත් සේවාවක් හා සම්බන්ඳ වන්නේ සින්ක් (sync) ක්‍රමයටය. මෙහිදී 15 GB ධාරිතාවයක් නොමිලේ සපයනු ලබයි. Google Drive සේවයෙන් ප්‍රයෝජන ගැනීමට පෙර මෙයට අදාල මෘදුකාංගය පරිගනකය තුල ස්ථාපිත කරගත යුතුය.

    Download Google Drive


    Google Google Docs යනු කුමක්ද?




    Google Docs යනු ඔබ වෙබ් බ්රව්සරයක භාවිතා කරන වචන සැකසුම් වැඩසටහනකි. Google Docs මයික්රොසොෆ්ට් වර්ඩ් වලට සමාන වන අතර Google ගිණුමක් ඇති ඕනෑම අයෙකු විසින් නොමිලේ භාවිතා කළ හැකිය (ඔබට Gmail ගිණුමක් තිබිය යුතුය) Google Docs සමගින් ඔබ කොහේ සිටියත් ඔබට ලිවීමට, සංස්කරණය කිරීමට සහ, සහයෝගයෙන් ක්‍රියා කිරීමට හැකිය.

    ඔබ ටයිප් කරන අතරතුරේදී ඔබගේ වෙනස් කිරීම් සියල්ල ස්වයංක්‍රියව සුරැකෙනු ඇත. ඔබට එකම ලේඛනයේ පැරණි අනුවාද බැලීමට, දිනය අනුව හා වෙනස් කම් කළ පුද්ගලයා අනුව අනුපිළිවෙලට සැකසූ සංශෝධන ඉතිහාසය ද භාවිතා කළ හැක

    Google Docs ලේඛන නිර්මාණය සහ සංස්කරණය සඳහා පමණක් වන අතර මීට අමතරව Google Sheets පැතුරුම්පත් සැකසීමටද (Microsoft Excel වැනි) සහ Google Slides යනු ඉදිරිපත් කිරීම් සඳහා (Microsoft PowerPoint වැනි).




    Bootstrap සහ Responsive Website




    Responsive Website එකක් යනු

    සරලව වෙබ් සයිට් එකේ Layout (Desktop PC, Laptop, Tab or Smart Phone) එනම්  ඔබ භාවිතා කරන device එකේ Screen Size එකට අනුව ස්ව්‍යංක්‍රියවම වෙනස් වේ. එ් නිසා සයිට් එක Zoom කරමින් බැලීමට අවශ්‍ය නොවේ. 

    Bootstrap යනු


    Bootstrap යනු responsive පිටු නිර්මාණය පහසු කිරීමට සැලසුම් කර ඇති CSS හා JavaScript ගොනු සමූහයක් (Frame work) වේ. Bootstrap ඉතාමත් ජනප්‍රිය HTML, CSS, සහ JavaScript framework එකක් වන අතර. එමගින් ඉතාමත් කෙටි කාලයකින් අලංකාර Mobile Friendly වෙබ් අඩවියක් නිර්මාණය කරගත හැක. Framework යනු පෙර සාදන ලද Styles සහ plugins එකතුවක් වන අතර Framework එකක් උපයෝගී කරගැනීමෙන් විශාල කාලයක් ඉතිරි කරගත හැකිය.BootstrBootstrap ඉතාමත් ජනප්‍රිය HTML, CSS, සහ JavaScript framework එකක් වන අතර. එමගින් ඉතාමත් කෙටි කාලයකින් අලංකාර Mobile Friendly වෙබ් අඩවියක් නිර්මාණය කරගත හැක.

    Framework යනු පෙර සාදන ලද Styles සහ plugins එකතුවක් වන අතර Framework එකක් උපයෝගී කරගැනීමෙන් විශාල කාලයක් ඉතිරි කරගත හැකිය.Bootstrap නිර්මාණය කරන ලද්දේ twitter හී සේවය කරන මාර්ක් ඔට්ටෝ (Mark Otto) ජෙකබ් තොරටන් (Jacob Thornton) විසිනි. ඒ 2011 වසරෙදීය.මෙය සම්පුර්නයෙන්ම නොමිලයේ ලබා දීම සිදුකරයි (free & Open-source).

    BootstrapCDN
    When you only need to include Bootstrap’s compiled CSS or JS, you can use 
    BootstrapCDN

    JavaScript සහ jQuery




    JavaScript® (බොහෝ විට JS ලෙස කෙටියෙන් හැඳින්වේ) යනු වෙබ් පිටු සමඟ අන්තර් කියා කිරීම (Interact) සහ ප්‍රතිචාරාත්මක (Response) බව එක් කිරිම සඳහා නිර්මාණය කරන ලද ක්‍රමලේඛණ භාෂාවකි. වෙබ් පිටුවක් හැසිරෙන ආකාරය පාලනය කිරීමට JavaScript වෙබ් අඩවි සංවර්ධකයාට ඉඩ දෙයි. මෙමඟින් JavaScript මූලිකවම HTML, වෙබ් ලේඛනයක ව්‍යුහයට වගකිව යුතු භාෂාව සහ CSS යන භාෂාවන්ට වඩා මෙය වෙනස් වේ.

    JavaScript හි ලියා ඇති වැඩසටහන් Script ලෙස හැඳින්වේ. බ්රවුසරයේ දී, ඔවුන් කෙලින්ම HTML ලේඛනයට සම්බන්ධ වන අතර, පිටුව load වු විගසම ඒවා ක්‍රියාත්මක වේ.

    අද සෑම web browser ක්ම JavaScript සඳහා සහය දක්වයි. JavaScript යනු ජාවා නොවේ  


    jQuery යනු JavaScript Library එකකි. jQuery ඉගෙනිමට පෙර HTML, CSS, JavaScript ගැන මූලික දැනුමක් තිබිම අවශ්‍ය වේ. jQuery.. “write less, do more” ඉන් අදහස් වන්නේ JS Code පේලි ගොඩකින් කරන දේ පේලි කීපයකින් jQuery වලදී කිරිමට හැකි බවයි. අද භාවිත කරන හැම browser එකකම වගේ වැඩ කරන විදියට හදලා තියන නිසා cross-browser issue එක jQuery වල නැහැ.








    PHP සහ MySQL භාවිතා කරමින් ගතික වෙබ් පිටු (Dynamic Web Page) නිර්මාණය


    වෙබ් පිටු නිර්මාණයට PHP සහ MySQL භාවිතය



    වෙබ් අඩවි නිර්මාණයට HTML භාවිතා කල යුතුමය. නමුත් ඔබ දත්ත ගබඩා කරමින් දත්ත සමග ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ නම් PHP සහ MySQL භාවිතා කලයුතුම වේ.

    PHP යන්නෙහි පෙර අර්ථය වූයේ Personal Home Page වන අතර වර්තමානයේ එය Hypertext Pre-processor ලෙස වෙනස් වී තිබේ. එය බොහොමයක් දෙනා භාවිතා කරන වෙබ් සංවර්ධනය සඳහා යොදාගන්නා නිදහස් සාමාන්‍යය භාවිත භාෂාවක් (Open Source general purpose scripting language)වේ.

    මෙය HTML ගොනුවක් තුළ ඇතුලත් කල හැකිය. PHP භාෂාවේ බොහෝ කොටස් නිර්මාණය කිරීමට මූලික වී ඇත්තේ C වැඩසටහන්කරණ භාෂාවයි. 1994 දී Rasmus Lerdorf විසින් PHP නිර්මාණය කරන ලදී. WordPress, Joomla, Drupal වැනි බොහොමයක් CMS (Content Management System)web අඩවි සහ Zencart, Scommerce සහ Magneto වැනි e-commerce web අඩවි රාශියක්ද භාවිතා කරන්නේ PHP වේ. එමෙන්ම අප බොහෝවිට භාවිතා කරන Facebook, Yahoo, Wikipedia වැනි web අඩවි නිර්මාණය කර ඇත්තේද PHP භාවිතා කරයි.


    PHP මගින් වෙබ් පිටු නිර්මාණය කිරිමට නම් අනිවාර්යෙන්ම ඔබේ පරිගණකය සර්වර්යක් වීම අත්‍යවශ්‍ය වේ.

    PHP කේත ක්‍රියාත්මක වන්නේ සර්වරයක් තුල වීම එයට හේතුවයි. එම නිසා ඔබ පරිගනකය තුල සර්වරයක් සකසා ගැනිම සිදු කල යුතුය. එවැනි සර්වරයක් Local Server නමින් හදුනවනු ලැබේ. ඒ සදහා අන්තර්ජාලය තුලින් මෘදුකාංගයක් භාගත කල යුතුවේ. එමගින් PHP සහ SQL දත්ත කළමණාකාර පද්ධතියද ස්ථාපිත කල හැකිවේ.

    PHP අධ්‍යයනය සඳහා අවශ්‍ය පරිසරය සකසාගැනීම

    PHP හි සංස්කරණයක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැක. මෙහිදි Wamp Server එක හෝ Xampp භාවිතා කරලා ලේසියෙන්ම PHP සහ අවශ්‍ය අනෙකුත් මෘදුකාංග දෙක වන MySQL සහ Apache Server එකත් පහසුවෙන්ම Install කර ගත හැක



    Download PHP

    PHP  මගින් කළ හැකිදේ මොනවාද?

    • PHP මගින් ගතික පිටුවක (වෙනස් වන) අන්තර්ගතය ජනනය කළ හැකිය.
    • PHP මගින් සර්වරයක් තුල ඇති දත්ත නිර්මාණය, විවෘතකිරීම , කියවීම, ලිවීම, මකා දැමීම, සහ සේවාදායකයේ තැන්පත් කල හැකිය.
    • PHP මගින් සර්වරයක් තුල ඇති දත්ත, එකතු කර ගත හැක.
    • PHP මගින් කුකීස් යැවීම හා ලබා ගැනීම කළ හැකිය.
    • PHP මගින් ඔබගේ දත්ත සමුදාය දත්ත වෙනස් කළ හැක.
    • PHP භාවිතයෙන් පරිශීලක ප්‍රවේශයන් පාලනය කිරීම සිදු කල හැක.
    • PHP මගින් දත්ත ගුප්තකේතනය (Data Encrypt) කල හැකිය.
    • PHP මගින් ආකෘති වලංගු කිරීම (Form validation) සඳහා යොදාගත හැක.
    • PHP මගින් දත්ත සමුදායන් (Database) පහසුවෙන් පාලනය/පාවිච්චි කල හැක


    වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනය යනු කුමක්ද?Web Design & Web Development ?




    වෙබ් අඩවි නිර්මාණය කිරිමේදි Web Design යනුවෙන් අදහස් වන්නේ වෙබ් අඩවියක Design එක , එනම් ඉදිරිපස ( Front End එක ) , එහමත් නැත්නම් වෙබ් අඩවිය භාවිතා කරන පුද්ගලයාට දර්ශනය වන කොටසයි. එය නිර්මාණය කිරිමට HTML, CSS, JavaScript, Bootstrap වැනි භාෂා භාවිතා කරනු ලබයි.

    Web Developing යනුවෙන් අදහස් වන්නේ අදාල වෙබ් අඩවියේ පසුපස ( Back End එක ). එනම් වෙබ් අඩවියක ඇති Contact form එකක් භාවිතා කරමින් නම , ලිපිනය වගේ විස්තර ලබා දි , ෆෝම් එකේ ඇති Submit button එක ක්ලික් කල විට සිදුවිය යුතු දේ ක්‍රමලේඛණය එනම් code කිරිමයි. ඒ සදහා PHP සහ MySQL වැනි භාෂා භාවිතා කල යුතුවේ.

    ගතික වෙබ් අඩවි (Dynamic Web Site)

    වෙබ් අඩවියේ අන්තර්ගතය නිතරම වෙනස් වන, එමෙන්ම ඔබට වෙබ් අඩවිය තුලින් දත්ත ආදානය කිරිමටත්, විවිධ ප්‍රතිචාර දැක්වීමටත්, ඇතැම් විට ඔබට දත්ත විශ්ලේශනාත්මකව විමසීමටත් හැකියාව ගතික වෙබ් අඩවි තුලින් ලැබේ. ගතික වෙබ් අඩවියක් නිර්මාණය කිරිමට HTML සහ CSS තුලින් නොලැබේ. හේතුව නම් ගතික වෙබ් අඩවියක් තුලින් දත්ත හැසිරවීමට සිදුවීමයි. එබැවින් ඒ සදහා PHP, SQL වැනි පරිගණක භාෂා භාවිතා කරනු ලැබේ.